ඉන්දීය - ද. අප්‍රිකා 20-20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ඉන්දියාව ජයගනී...

ඔක් 05, 2022

    ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 කට ලකුණු 227 ක් රැස් කළා. ක්‍රයිලි රූසෝ සිය 20-20 ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව සමග නොදැවී ලකුණු 100 ක් රැස් කළා. ඊට 6 පහර 8 ක් සහ 4 පහර 7ක් ඇතුළත්. ක්වින්ටන් ඩිකොන් ලකුණු 68 යි. පන්දු යැවීමේදී දීපක් චහල් සහ උමේෂ් යාදේව් කඩුල්ල බැගින් දවා ගත්තා.

    ලකුණු 228 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුණේ, ලකුණු 178 ක් පමණයි. වැඩිම ලකුණුලාභියා දිනේෂ් කාර්තික්. ඔහු ලකුණු 46යි. පන්දු යැවීමේදී ඩ්වේන් ප්‍රෙටෝරියස් කඩුලු 3 ක් දවා ගත්තා. තරගයේ වීරයා ක්‍රයිලි රූසෝ. තරගාවලියේ වීරයා සූර්ය කුමාර්

    Latest News