රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ ජය ඉන්දීයාවට

ඔක් 02, 2022

    රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

    ඒ ලකුණු 33කින්. තරගය රායිපූර් හිදී පැවැත්වුණා. කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා. ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණි.

    ආරම්භක පිතිකරු නාමන් ඕජා නොදැවී ලකුණු 108යි. නායක සචින් තෙන්ඩුල්කාර් කිසිදු ලකුණක් නොලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට නුවන් කුලසේකර සමත්වුණා. ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණි.

    Latest News