ඉන්දියාව අවසන් මහා තරගයට...

සැප් 29, 2022

    රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වූණා.

    ඒ ප්‍රථම අවසන් පූර්ව තරගයේ දී ‍ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ් කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හිදී.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්නේ ඕස්‍ට්‍රේලියානු කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු පහකට ලකුණු 171 රැස් කළා. ඊයේ දිනයේ පැවති තරගයට අයහපත් කාළගුණයෙන් බාධා එල්ල වීම නිසා තරගය නතර කළා. ඕ‍ස්ට්‍රේලියාණු කණ්ඩායම වෙනුවෙන් බෙන් ඩන්ක් ලකුණු 46යි. ඇලෙක්ස් ඩුලන් ලකුණු 35යි. පන්දු යැවීමේදී අභිමන්යු මිතුන් සහ යුසුෆ් පතාන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

    ලකුණු 172 ක ජයග්‍රාහි ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියා ලෙජන්ඩ් කණ්ඩායම කඩුලු පහක් අතැතිව ජය ලබා ගත්තා. දක්ෂ පිතිහරඹයක නිරත වූ නාමන් ඕජා නොදැවී ලකුණු 90යි. ඉර්ෆාන් පතාන් නොදැවී ලකුණු 39යි. පන්දු යැවීමේදී ෂේන් වොට්සන් කඩුලු දෙකක් දවා ගත්තා. අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවන අවසන් පූර්ව තරගය හෙට දිනයේ පැවැත්වෙනවා. තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වන අතර ජාතික රූපවහිනීයේ අයි නාලිකාවෙන් සජීව ලෙස නැරඹිය හැකියි.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 සැප්තැම්බර් 2022 20:28

    Latest News