දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

සැප් 30, 2022

    මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

    ඒ, සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟයි.

    SABA1.jpg

    ශ්‍රී ලංකාව දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගෙන ඇත්තේ දෙවනවරට වීම විශේෂත්වයක්

    පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මාලේ නුවරදීය.

    දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්විය.

    එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමයි.

    පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගෙන තිබූ අතර දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව පැසිපන්දු ක්‍රීඩිකාවන් මෙවර එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.

    Latest News