ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට...

සැප් 14, 2022

    ‍රොඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ (14)  සමත් වුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායම අතින්  පරාජයට පත් වූයේ, එංගලන්ත ‍ ලෙජන්ඩ්ස් කණ්ඩායම යි. ‍තරගයේ  කාසියේ වාසිය දින ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබා දුන්නා. එම පිතිකරුවන්ට‍ සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

    දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ සනත් ජයසූරිය පන්දුවාර 4 තුළ ලකුණු 3 කට කඩුලු 4 ක් දවා ගත්තා. චතුරංග ද සිල්වා සහ නුවන් කුලසේකර කඩුලු 2 ක බැගින් බිඳ හෙලුවා. එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීයා නායක ඉයන් බෙල්. ඔහු ලකුණු 15 යි. පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී එංගලන්ත ඉනිම ලකුණු 78 කට සීමා වුණා.

    ලකුණු 79 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා  ලෙජන්ඩ්ස් කණ්ඩායම, කඩුලු 7 ක් අතැතිව ජය හිමි කර ගත්තා. දිල්ශාන් මුණවීර ලකුණු 24 යි. උපුල් තරංග ලකුණු 23 යි. තරගයේ වීරයා සන්ත ජයසූරිය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගාවලියේ සියලු තරග,  රූපවාහිනි "අයි නාලිකාව" ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.

    Latest News