ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද

සැප් 13, 2022

    ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද පැවැත්වේ.



    ඒ, එංගලන්තයට එරෙහිවයි. මේ අතර, තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය වාර්තා කළා.

    ‍තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවා. නවසීලන්ත සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 99 ක් රැස් කළා. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 13 යි පන්දු 3 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 100 ක් රැස් කරමින්.


    Latest News