ඕස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් පිලට කඩුළු 03ක ජයක්

සැප් 19, 2022

    ‍රෝඩ් සේ‍ෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ ‍ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 3 ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ දී.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 කට  ලකුණු 158 ක් රැස් කළා. එලිස් සනී නොදැවි ලකුණු 32 යි.

    ආලෝක් කපිල් සහ නස්මුස් සදත් ලකුණු 20 බැගින් ලබා ගත්තා‍. ලකුණු 159 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව ජය ලබා ගත්තා.

    දක්ෂ පිති හරඹයක නිරත වූ බ්‍රෑඩ් හෙඩ්න් නොදැවි ලකුණු ‍58 යි. එලිස් සනී කඩුලු 4 ක් දවා ගත්තා.

    රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉන්දියාව සහ නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද පැවැත්වෙනවා. තරගය සජීව ලෙස ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ විකාශය ‍කෙරෙනවා.

    Last modified on සදුදා, 19 සැප්තැම්බර් 2022 11:25

    Latest News