ආසියානු දැල්පන්දු ශූරතාව ශ්‍රී ලංකාවට.....

සැප් 11, 2022

    06වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනිමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. 

    ඒ,  අවසන් තරගයේදී සිංගප්පූරුව පරාජය කරමින්.  තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වුණා.  අවසන් තරගයෙ පළමු කාර්තුව අවසන්වන විට,  ලකුණු 19 - 13ක් ලෙස සිංගප්පූරුව පෙරමුණ ගත්තා.  දෙවන කාර්තුව අවසානයේද සිංගප්පූරු ක්‍රීඩිකාවන් පෙරමුණ ගත්තේ ලකුණු 27 - 30ක් ලෙසයි.  අනතුරුව ලකුණු 03ක් පසුපසින් සිටිමින් දෙවැනි කාර්තුව අවසන් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් තුන්වැනි කාර්තුවේදී විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නිරතවුණා. ඒ අනුව එම කාර්තුව අවසානයේ ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේ ලකුණු 46 - 38 ක් ලෙසයි.  එම ලකුණු පරතරය එලෙසම රඳවාගනිමින් දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් නියමිත කාලය අවසන් වන විට එම පරතරය ලකුණු 10 දක්වා වැඩිකර ගැනීම සමත්වුණා. ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ ලකුණු 63 - 53 ක් ලෙසයි. 

    Latest News