කුසල් නැතිව සටන 4.30ට

මාර් 13, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පෝර්ට් එලිසබත්හිදී පැවැත්වෙයි.

    තරගය ආරම්භ වන්නේ, ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30ට. තරගයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ අවසන් පුහුණු සැසියට සහභාගී විය.
    ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වන විටත් තරගය 5කින් සමන්විත තරගාවලියේ පළමු තරග 3ම පරාජය වී අවසන්.

    තුන්වැනි තරගයේ දී ආබාධයට ලක්වූ කුසන් පෙරේරාට තරගාවලියේ සෙසු තරග අහිමි වී තිබේ. ඔහු වෙනුවට ධනංජය ද සිල්වා හෝ නවක ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරා අද කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. මෙතෙක් පැවැති තරගාවල ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තුන් ඉරියම්වෙන්ම අසාර්ථක වූ අතර, ඒ හේතුවෙන් අද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි, දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන්නේ. තරගය සවස 4.30 සිට අයි නාලිකාවෙන් සජීව ලෙස විකාශය කෙරේ.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 14:17

    Latest News