ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්

අප්‍රේ 09, 2022

    එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අද (09) සවස මේ බව, නිල වශයෙන් නිවේදනය කළා. ක්‍රිස් සිල්වර්වුඩ් මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරට පත්කර ඇත්තේ, වසර 02ක කාලයක් සඳහායි. ඒ අනුව, ඔහු එළඹෙන බංග්ලාදේශ තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති. ක්‍රිස් සිල්වර්වුඩ් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියා කර තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 09 අප්‍රේල් 2022 18:53

    Latest News