ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්...

අප්‍රේ 09, 2022

    2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, ගයන්තිකා අබේරත්න අද (09) සමත් විය.

    ඒ, හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ දී. ඇය විසින් බිඳ හෙලනු ලැබුවේ 2021 වර්ෂයේ දිල්ෂි කුමාරසිංහ ක්‍රීඩිකාව විසින් විනාඩි 02යි තත්පර 02.52 ක් ලෙස තබා තිබූ වාර්තාවයි. ගයන්තිකා අද තරගය නිම කරන ලද්දේ විනාඩි 02යි තත්පර 01.44ක කාලයකිනි.

    Latest News