IPL; රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද්ට ඊයේ ජය...

අප්‍රේ 10, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය ගැනීමට සන්රයිස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් සමත්වුණා.

    සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩයම ජය හිමිකරගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින්. එම තරගය පැවැත්වුණේ මුම්බායි හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩලු 7ක් දැවී ලකුණු 154ක් ලබාගත්තා. මොයින් අලී ලකුණු 48යි. පන්දු යැවීමේදී වොෂින්ටන් සුන්දර සහ ටී නටරාජන් කඩුලු 2 බැගින් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 155ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තා. අභිශේක් ෂර්මා පන්දු 50කින් ලකුණු 75ක් ලබාගත්තා. රාහුල් ත්‍රිපති පන්දු 15 කින් ලකුණු 39ක් ලබාගත්තා. සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගය ජයගත්තේ කඩලුු 08කින්.  

    ඊයේ තවත් තරගයක් පැවැත්වුණේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතරයි. ඒ පූනේ හිදී. මුලින් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 ඇතුලත කඩුලු 06ක් දැවී ලකුනු 151ක් රැස්කළා. සූර්ය කුමාර් යාදේව් පන්දු 37කදී නොදැවී ලකුණු 68ක් ලබාගත්තා. පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 28කට කඩලුු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම ආරම්භ කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩලු 03ක් දැවී ලකුණු 152ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකරගත්තා. අංජු රාවුඩ් ලකුණු 66යි. විරාත් කෝලි ලකුණු 48යි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 7කින්.

    Latest News