පාපන්දු ක්‍රීඩකයෙක් ජිවිතක්‍ෂයට....(වීඩියෝ)

පෙබ 27, 2022
  • ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පියුස්ලස් මාලදිවයිනේ දී ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    ඔහු ප්‍රිමියලීග් පාපන්දු තරගාවලියකට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටියා. ඩක්සන් පියුස්ලස් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ඉදිරි පෙළ ආරක්‍ෂක ක්‍රීඩකයෙක් ලෙසයි ක්‍රීඩා කළේ. ඔහු වසර 10ක පමණ කාලයක්, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නියෝජනය කළා. ඊයේ රාත්‍රියේදී ඩක්සන් මියගොස් තිබුණේ මාලදිවයිනේ ඔහු වාසය කළ මහල් නිවාසයේදී. 31 වැනි වියෙහි පසුවූ ඩක්සන් පියුස්ලස් ජිවිතක්‍ෂයට පත්වූ හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. කෙසේ ‍වුවද, මෙය සිය දිවි නසාගැනීමක් බවටයි සැක කෙරෙන්නේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සතු විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකුගේ මියයෑම මෙරට පාපන්දු කණ්ඩායමට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

    Latest News