එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට....

ජන 21, 2022

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (21) සමත්වුණා.

    අවසන් එක්දින තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09කට ලකුණු 254ක් රැස් කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා පැතුම් නිස්සංක. ඔහු ලකුණු 55ක් රැස් කළා. චරිත් අසලංක ලකුණු 52යි.

    පන්දු යැවීමේදී රිචඩ් ගරාවා කඩුලු 02ක් දවාගත්තා. සිම්බාබේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 255ක ඉලක්කයක් හිමිවුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ පිතිකරුවන්ට සාර්ථකවීමට අවස්ථාව හිමිවුණේ නැහැ. සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 7ක් දැවී ගියේ ලකුණු 48ක් ලකුණු පුවරුවේ සටහන්වෙද්දි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

    Last modified on සෙනසුරාදා, 22 ජනවාරි 2022 17:19

    Latest News