විශ්‍රාම ගන්නා ක්‍රීඩකයින්ට ක්‍රිකට් ආයතනයෙන් දැනුම්දීමක්

ජන 09, 2022

    ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මින් ඉදිරියට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නම් ඒ පිළිබදව මාස 03 කට පෙර තමන් වෙත දැනුම් දිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.  

    පසුගිය 07 වැනිදා රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.  ඒ අනුව මින් ඉදිරියට යම් ක්‍රීඩකයෙකු ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නේනම් ඒ පිළිබදව මාස 03 කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දිය යුතු වේ. ඊට අමතරව විශ්‍රාම ගත් ක්‍රීඩකයෙකු ජාතික තලයේ එල්.පී.එල්. වැනි තරගාවලියන්ට එක්වීමේ දී ඔවුන් දේශීය ක්‍රිකට් තරග සදහා වූ සහභාගීත්වය සියයට 80 ක වත් තිබිය යුතු බව ක්‍රිකට් විධායක සභාව තීරණය කර ඇත.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විශ්‍රාම ගෙන ජාත්‍යන්තර ලීග් කණ්ඩායමකට එක්වන්නේ නම්, ඒ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර තිබේ.

    Latest News