ධනුෂ්ක, නිරෝෂන්, කුසල්ගේ තරග තහනම ඉහතට...

ජන 09, 2022

    ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කර තිබෙනවා.

    අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන් එළඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා ද එක්කරගැනීමට නියමිතයි. එංගලන්ත තරග සංචාරයක් අතරතුරදී ජෛව බුබුලු උල්ලංඝනය කරමින් විනය විරෝධීව ක්‍රියා කිරීම නිසා ධනුෂ්ක, නිරෝෂන් සහ කුසල්ට මෙම තරග තහනම පැනවුණා. මෙම ක්‍රීඩකයින් තිදෙනාට පසුගියදා අවසන්වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ද අවස්ථාව ලබාදී තිබුණා. ඒ අනුව, ලබන ජුලි මස අවසන්වීමට තිබූ අන්තර්ජාතික ක්‍රිකට් තහනම ඉවත කළ බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

    Latest News