කොදෙව්වන්ට කඩුලු 8ක ජයක්

ජූනි 27, 2021

    දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ එරට ග්‍රෙනාඩා හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කළේය. රසී වෑන්ඩර් ලකුනු 56යි.

    පිළිතුරු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුනු 161ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තේය. එවින් ලෙව්ස් පන්දු 35කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 71ක්. හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුලත්. ක්‍රිස්ගේල් නොදැවී ලකුණු 32යි.

    Latest News