නුවන් සොයිසාට වසර 06 ක තහනමක්

අප්‍රේ 28, 2021

    ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට ක්‍රිකට් සම්බන්ධ සියළු ක්‍රියා සම්බන්ධයෙන් වසර 06 ක තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබේ.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංණයනය කිරීමේ චෝදනාවට ඔහු වරදකරුවෙකු වීම හේතුවෙන් මෙම තහනම ඔහුට පනවා ඇත. 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී "ටීම් ශ්‍රී ලංකා" කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අයි සී සී දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි.

    ඔහු ඉන් චෝදනා 03කට වැරදිකරු බව 2019 නොවැම්බර් මාසයේදී අයි සී සී ය නිවේදනය කළේය.

    Latest News