ඉන්දීය කණ්ඩායමට ලකුණු 56ක ජයක්

මාර් 14, 2021

    “රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරිස්“ ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    තරගය ඊයේ පැවැත්වුණේ රායිපූර්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 203ක් රැස් කළේය. සචින් ටෙන්ඩුල්කාර් පන්දු 37කදී ලකුණු 60ක් රැස් කිරීමට සමත්විය. එයට හතරේ පහර 9ක් සහ හයේ පහරක් ඇතුළත්.

    එස්. බද්‍රිනාත් ලකුණු 42යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුව්රාජ් සිං පන්දු 22කදී ලකුණු 52ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට හතරේ පහර දෙකක් සහ හයේ පහර 2ක් ඇතුළත්. පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 148ක් පමණි. මෝන් වෑන් වික් ලකුණු 48ක් රැස් කළ අතර ඇන්ඩෘ පුටික් ලකුණු 41ක් ලබාගත්තේය.

    පන්දු යැවීමේදී යුසුෆ් පතාන් කඩුලු 3ක් සහ යුව්රාජ් සිං කඩුලු 2ක් බිඳ හෙළිය. තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයගත්තේ ලකුණු 56කින්.

    Latest News