වොලිබෝල් කාන්තා ශුරතාව යුද හමුදාවට

මාර් 14, 2021

    ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේ “සුපර් ලීග්“ කාන්තා අංශයේ ශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත්විය.

    එහි පිරිමි ශුරතාව දිනාගනු ලැබුවේ, ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම විසින්. අවසන් තරග ඊයේ පැවැත්වුණේ මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී. කාන්තා අවසන් තරගයට යුද හමුදා කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලබා තිබිණ. මෙහිදී වට 3-1ක් ලෙස ජය හිමිකර ගත්තේ, ශ්‍රී ලංකා යුද හමුදාවයි.

    පිරිමි අවසන් තරගයට ලංකා විදුලිබල මණ්ඩලය සහ “බිටූ ලින්ක්“ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා තිබිණ. ඉන් විදුලිබල මණ්ඩල කණ්ඩායම ජයගත්තේ වට 3-1ක් ලෙසයි. තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව යුද හමුදාවේ, තිළිණි වාසනා පෙරේරා. දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස විදුලිබල මණ්ඩල කණ්ඩායමේ බී.ඒ.සී. හිරුෂාන් සම්මාන දිනාගැනීමට සමත්විය.

    Latest News