බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5ක ජයක්

මාර් 13, 2021

    ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවන එක්දින තරගය ද කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

    ඒ අනුව, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගත්තේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. තරගය පැවැත්වුණේ, ඇන්ටිගුවාහිදී. කාසියේ වාසිය ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.

    ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සහ දිමුත් කරුණාරත්නයි. පළමු කඩල්ල ලෙස දිමුත් එක් ලකුණකට දැවී ගියේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 96ක් ලබාගැනීමට සමත්විය. එයට 4 පහර 10ක් සහ 6 පහර 4ක් ඇතුළත්. දිනේෂ් චන්දිමාල් ලකුණු 71යි. වනිඳු හසරංග ලකුණු 47කට දැවී ගියේය.

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් රැස් කළේය. ජේසන් මොහොමඩ් කඩුලු 3ක් දවැගැනීමට සමත්විය. පිළිතුර ලෙස එවින් ලෙවිස් සහ ශායි හෝප් බටහිර කොදෙව් ඉනිම ආරම්භ කළේය. ඔවුන් දෙදෙනා ආරම්භ කඩුල්ල ලෙස ගොඩනැඟු සබඳතාව ලකුණු 192ක්.

    එවින් ලෙවිස් තම එක්දින දිවියේ සිව්වැනි ශතකය ලබාගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 103ක්. ශායි හෝප් ලකුණු 84ක් සහ නිලස් පූරන් ලකුණු 35ක් ලබාගත්තේය. කොදෙව් කණ්ඩායම තරගය ජයගත්තේ, පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 274ක් රැස් කරමින්.

    දෙරට අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය හෙට පැවැත්වීමට නියමිතයි. එය අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකියි.

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 17:36

    Latest News