ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 42ක ජයක්

මාර් 11, 2021

    “රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සීරිස්“ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති 20-20 තරගයෙන් ලකුණු 42ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

    තරගය ඊයේ පැවැත්වුණේ ඉන්දියාවේ රායිපූර්හිදී. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඔවුන් පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.

    උපුල් තරංග විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 99ක් ලබාගැනීමට සමත්විය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 33යි, චාමර සිල්වා ලකුණු 24යි.

    පන්දු යැවීමේදී මොහොමඩ් රාෆික් සහ මොහොමඩ් ෂරීෆ් කඩුල්ල බැගින් බිඳ හෙලීය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවුයේ ලකුණු 138ක් පමණි. නෂිමුඩින් ලකුණු 54ක් රැස් කළේය.

    පන්දු යැවීමේදී තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 3ක් සහ ධම්මික ප්‍රසාද් කඩුලු 2ක් දවා ගැනීමට සමත්වූහ. තරගයේ වීරයා උපුල් තරංග.

    ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග තුනම ජයග්‍රහණය කර ඇති අතර, අවසන් පූර්ව වටයට පිවිසීමට මේ වනවිටත් සමත්ව තිබේ.

    Latest News