ශ්‍රී ලංකා-කොදෙව් පළමු එක්දින තරඟය අද

මාර් 10, 2021

    ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද (10) නෝර්ත් සවුන්ඩ් හිදී පැවැත්වේ.

    දිමුත් කරුණාරත්න සහ කිරාන් පොලාඩ් නායකයින් ලෙස කටයුතු කරයි. 20-20 තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන් සහ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රවීණයන්ගේ "රෝඩ් සේෆ්ටි" 20-20 ක්‍රිකට් තරගයත් අද පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකා ප්‍රවීණයන් සමඟ පසුගියදා පැවති තරගවලින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත්විය.

     

    සියළු තරග අයි නාලිකාවෙන් නැරඹිය හැක.

    Latest News