ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි ශුරතාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය

මාර් 07, 2021

    22 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ පිරිමි අංශයේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත්විය. තරගය අද (07) උදේ ආරම්භ වුණේ කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසළින්.

    තරගයට ආරම්භක සංඥාව ලබාදුන්නේ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතායි. පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය සොනාල් ද සිල්වා විසින් හිමිකර ගත් අතර, දෙවන ස්ථානය හිමිකර ගත්තේ චමෝද් ද සිල්වා විසින්.

    ඔවුන් දෙදෙනාම වරාය අධිකාරිය නියෝජනය කරන ක්‍රීඩකයින්වීම විශේෂත්වයක්. තෙවන ස්ථානය හිමිකර ගත්තේ නාවික හමුදාවේ ප්‍රභාත් මධුශංක. පිරිමි තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර 148ක්.

    කාන්තා අංශයේ ජය හිමිවුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ උදේශානි නිරංජනී ක්‍රීඩිකාවටයි. දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය පිළිවෙළින් පංචාලි සුලෝචනා සහ දිනේෂා දිල්රැක්‍ෂි විසින් හිමිකරගත් අතර, ඔවුන් නියෝජනය කළේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.

    Latest News