5-0 කින් ශ්‍රී ලංකාවට ජය

ජන 29, 2019

    අයර්ලන්ත “ඒ“ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම සමත්වුණා.

    ඒ අද පැවති අවසන් තරගයෙන් ද ලකුණු 101ක් ජයක් වාර්තා කරමින්. තරඟය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා “ඒ“ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 403ක්.

    ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වුණා. නායක උපුල් තරංග ලකුණු 120ක් රැස් කළේ, 4 පහර 15ක් සහ 6 පහරක් ද සමගින්. ආරම්භ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 94කදී ලකුණු 112ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර 2ක් ඇතුළත්. අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේ දී වාර්තා කළ 3 වැනි ශතකය මෙයයි.

    පිළිතුරු ලෙස අයර්ලන්ත “ඒ“ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගැනිමට හැකි වූයේ ලකුණු 302ක් පමණයි. නීල් රොක් ලකුණු 78ක් රැස් කළ අතර, ලෝකන් ටකර් ලකුණු 53යි. පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 4ක් බිඳ හෙලුවා.

    Latest News