නවසීලන්තය පළමු ඉනිම 311/2යි

දෙසැ 16, 2018

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

    දිනය නිමාවන විට නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 311කි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 282ක් රැස් කළහ. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත්වූහ.

    පිළිතුරු ලෙස නවසීලන්තය පළමු ඉනිම ආරම්භ කළ අතර, ටොම් ලේතම් ශතකයක් රැස් කිරීමට සමත්විය. කේන් විලියම්සන් ලකුණු 91යි. අද දිනය නිමාවන විට ලේතම් නොදැවී ලකුණු 121ක් ලබා සිටියේය. තරගය නවසීලන්තයේ වෙලින්ටන් හිදී පැවැත්වේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News