ආසියාවේ නැඟී එන කුසලානය ශ්‍රී ලංකාවට

දෙසැ 15, 2018

    ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙති.

    අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිල හමුවේ පරාජයට පත්විය. තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

    කාසියේ වාසිය දිනා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 270ක් රැස් කළහ. හසිත බෝයගොඩ ලකුණු 54යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 61යි. පන්දු යැවීමේදී අන්කිට් රාජ්පූර් කඩුලු 2ක් බිඳ හෙලීය.

    ලකුණු 271ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්‍රීඩකයින්ට පන්දුවාර 50 ඇතුළත ලබාගත හැකි වුයේ ලකුණු 267ක් පමණි. ජයන්ත් යාදෙව් ලකුණු 71යි. පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3ක් දවා ගත්තේය.

    ඒ අනුව ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩයම සමත්වූහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News