ශ්‍රී ලංකා - නවසීලන්ත තරගයේ නවතම තත්වය

දෙසැ 15, 2018

    ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වූ ප්‍රථම ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය.

    තරගය නව සීලන්තයේ වෙලින්ටන් නුවර බාසින් රිසව් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම විසින් දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාව උදාකර දුන්නේය. ඒ අනූව ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළේ, දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක විසින්. ධනුෂ්ක ගුණතිලක එක් ලකුණක් ලබා සිටිය දී දැවී ගිය අතර ඔහුගෙන් පසු පිටියට පිවිසි ධනංජය සිල්වාට සහ කුසල් මෙන්ඩිස්ට ද ලකුණු ලබා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න සමග එක්ව 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 133ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. ඒ අනූව, ලකුණු 79ක් ලබා සිටි දිමුත් කරුණාරත්න, ටිම් සවුතිගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය.

    ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83යි. නොදැවී පන්දුවට පහරදෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් ලබා සිටී. 10 වැනි කඩුල්ල ලෙස ලහිරු කුමාර හෙට දිනයේ දී පන්දුවට පහරදීමට පිටියට පැමිණීමට නියමිතයි.


    නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුති ලකුණු 67කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. හෙට තරගයේ දෙවැනි දිනයයි.

    Last modified on සෙනසුරාදා, 15 දෙසැම්බර් 2018 12:43

    Latest News