අන්තර් සමාජ එක්දින ශුරතාව හලාවත මේරියන්ස්ට

දෙසැ 31, 2019

    අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට, හලාවත මේරියන්ස් කණ්ඩායම අද සමත්විය.

    ඒ, අවසන් තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 91කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ දී. මුලින් පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් කණ්ඩායම, පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 295ක් රැස් කළේය. සුමිත් ගදිගොන්කර් ලකුණු 79යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 47ක් සහ රුමේෂ් බුද්ධික නොදැවී ලකුණු 60ක් ලබාගත්තේය. තීක්‍ෂණ ද සිල්වා ද ලකුණු 47ක් රැස් කළේය. තරගය ජය ගැනීම සඳහා එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 296 ඉලක්කයක් හිමිවිය. එහෙත්, ඔවුන්ට පන්දුවාර 43යි, පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ, ලකුණු 204ක් පමණි. ලහිරු උදාන ලකුණු 50ක් රැස් කළ අතර, පැතුම් නිශ්ශංක ලකුණු 38යි. පන්දු යැවීමේදී ෂෙහාන් ජයසුරිය සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත්වූහ. තරගයේ වීරයා කමිඳු මෙන්ඩිස්.

    Latest News