පාර්ලිමේන්තුවේදී අභිනවයෙන් ස්ථාපනයට යෝජිත ජාතික සභාව ලෙස හඳුන්වන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව අද (20) ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.
සමෘද්ධිමත් ජාතියක් වීමට, සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්ව බංකොළොත්භාවයට එරෙහිව සටන් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් නිත්‍යනුකූල බැංකු ක්‍රමය මගින් මෙරටට මුදල් එවීමේදී, විශේෂ වරප්‍රසාද ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. 
මැලිබන් සමාගම සිය නිෂ්පාදන රැසක මිල ගණන් පහත හෙළිමට පියවර ගෙන තිබෙනවා.
තොරතුරු තාක්ෂණ කර්මාන්තය මගින් විදේශ විනිමය ඉදිරියේදී ඩොලර් බිලියන දහය දක්වා රැගෙන යාම රජයේ අපේක්ෂාව  බව අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා…
පළාත් පාලන ඡන්ද විමසුම හැකි ඉක්මනින් පවත් වන ලෙස සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවෙන්  අද (20) ඉල්ලීමක් කළා.
ඉදිරි මාස කිහිපයේදී සිය කාර්ය මණ්ඩලය සඳහා මෙරටින් විශාල පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කළ බව කටාර් එයාර්වේස් සමාගම පවසනවා. 
කොරියාවේ රැකියා සඳහා ලබන මාසයේ තවත් 750 දෙනෙකු යැවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 
නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය අද (20) සිට දීර්ඝ කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර්…
හෙට (21) දිනයේ පෙරවරු 8:00 සිට පැය 16ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
උතුරු පළාතේ එළවළු මිල සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයි වෙළෙදුන් පවසනවා.  එළවළු නිෂ්පාදනය ඉහළ යාම සහ ඒවා වෙළෙඳපොලට ලැබීම…
මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගත වූ කාලයේදී මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 900ට…
නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබා දී ඇති කාලය හෙට (20) වෙනස් කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල්…
අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (20) ආරම්භ වීමට නියමිතයි.
කොන්සියුලර් කටයුතු අංශයේ සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ලොවපුරා ජනතාවගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු අද (19) සිදු කිරීමට නියමිතයි.
අබේවෙල කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා…
කලින් දිනය සහ වේලාව වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 
පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මේ දක්වා මහජනතාවට පනවා තිබූ සීමාවන් හෙට (20) දිනයේ සිට ලිහිල් කර තිබේ.

Latest News