මැලිබන් සමාගම බිස්කට් මිල පහත හෙළයි...

සැප් 20, 2022

    මැලිබන් සමාගම සිය නිෂ්පාදන රැසක මිල ගණන් පහත හෙළිමට පියවර ගෙන තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටින‍්නේ, ඉකුත් මාස කිහිපයේ රටේ පැවති උද්ධමනකාරි වාතාවරණයත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ගණන් ඉහළ දැමීමට සිදුවු බවයි.  දශක හතකට අධික කාලයක් මෙරට ජනතාව වෙත උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබා දීමට කටයුතු  කළ බව මැලිබන් සමාගම පවසනවා. ඉකුත් මාස කිහිපයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ගණන් ඉහළ ගියද මෑතක සිට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩුවීම නිසා නිෂ්පාදනයට බලපාන ඇතැම් සාධක යහපත් මට්ටමකට පැමිණ ඇති බව සමාගම පෙන්වා දෙනවා. එහි වාසිය සෘජුවම පාරිභෝගියකයන් වෙත ලබාදීමටයි තීරණ කර ඇත්තේ. ඒ අනුව සිය නිෂ්පාදන රැසක මිල ගණන් අඩු කෙරෙන බව මැලිබන් සමාගම පාරිභෝගික ජනතාව දැනුම් දෙනවා.

    Latest News