පළාත් පාලන ඡන්ද විමසුම කඩිනමින් පවත්වන ලෙස ස.ජ.බ. ඉල්ලයි...

සැප් 20, 2022

    පළාත් පාලන ඡන්ද විමසුම හැකි ඉක්මනින් පවත් වන ලෙස සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවෙන්  අද (20) ඉල්ලීමක් කළා.

    ඒ සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ සිටියා. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු නියෝජිත පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි අතර  ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කරමින් හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසුම පවත්වන ලෙස ඉල්ලා සිටි බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළා.

    Latest News