කටාර් එයාර්වේස් සමාගමේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක්....

සැප් 20, 2022

    ඉදිරි මාස කිහිපයේදී සිය කාර්ය මණ්ඩලය සඳහා මෙරටින් විශාල පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කළ බව කටාර් එයාර්වේස් සමාගම පවසනවා. 

    ඒ අනුව, කටාර් එයාර්වේස් සමාගමේ විවිධ තනතුරු සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලාංකිකයින් අවස්ථාව හිමි වුණා.  සිය කාර්ය මණ්ඩලය ශක්තිමත් කරමින් මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් කටාර් එයාර්වේස් සමාගම ලොව ගුවන් සේවා කර්මාන්තයේ දැවැන්තම බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.   ශ්‍රී ලංකාව තුළ සිදු කළ බඳවා ගැනීමේ වැඩසටහන එම ජාත්‍යන්තර වැඩසටහනේ එක් පියවරක්.   කටාර් එයාර්වේස් සමූහයට අයත් විවිධ සමාගම් හා ආයතන සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරුණා.   

    Latest News