නෙළුම් කුළුණ නැරඹීමේ කාලයේ වෙනසක්

සැප් 20, 2022

    නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය අද (20) සිට දීර්ඝ කර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ පවසයි.

    ඒ අනුව ඒ අනුව සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුළුන නැරඹිය හැකි බවයි ඔහු සඳහන් කළේ.

    එසේම සති අන්තයේ උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකියාව පවතිනවා.

    මේ අතර නෙළුම් කුළුණ නැරඹීම සඳහා මින් ඉදිරියට රුපියල් 500 ප්‍රවේශ පත්‍ර පමණක් නිකුත් කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News