බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120 ක් අත්අඩංගුවට

මාර් 29, 2021

    බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ විශේෂ පොලිස් මෙහෙයුමකදී සැකකරුවන් 1120 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා කාලයේ සිදුකළ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ.

    එම සැකකරුවන් අතර විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 47 දෙනෙකු, අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 418 දෙනෙකු හා දූෂණ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 549 දෙනෙකු ද වෙයි.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග හා උපදෙස් අනුව එම විශේෂ පොලිස් මෙහෙයුම සිදුකර තිබේ.

    Latest News