අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 වැනි සදුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. 

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හුදෙකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම හා අලුතින් පැනවීම යාවත්කාලීන කරනු ලබන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව පත්වාගෙන යාම හා ඉවත් කිරීම හා අලුතින් පැනවීම පිළිබඳව සංශෝධනයක් සිදුකර තිබේ.

බණ්ඩාරගම,අටළුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

කොරෝනා වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රාජාංගනය යාය 01,03, හා 05 ප්‍රදේශවල සංචාරය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මේ වන විට යුරෝපයේ රටවල් රැසක් දැඩි පියවර ගනිමින් සිටියි.

Latest News