ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වැනිදා සවස 5.00 දක්වාම පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අදින් ආරම්භ වෙයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම සහ තැපෑලට භාරදීම ලබන සිකුරාදා (18) සිදු කිරීමට නියමිතයි.

ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ වී තිබේ. විශේෂ පොලිස් ආරක්ෂාවක් ද ඒ සඳහා යොදවා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ. එක් කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරිමට කටයුතු යොදා තිබේ.

Latest News