ඡන්ද පත්‍රිකා නොලැබුණ 16ට පෙර තැපැල් කාර්යාලයෙන්

නොවැ 11, 2019

    ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වැනිදා සවස 5.00 දක්වාම පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

    මෙහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වැනිදා ආරම්භ කළ අතර මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් නොවැම්බර් 03 වන ඉරිදා දින ද ක්‍රියාත්මක විය. මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන් විය.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 14:28

    Latest News