අභියාචනාධිකරණයේ සභාපති ධූරය ඒ.එච්.එම්.දිලීප් නවාස්ට

ජන 24, 2020

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිව ඇත.

    එමෙන්ම නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂඨාධිකරණ විනිසුරු පදවියට පත්වීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා පත්කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද අනුමැතිය ලබා දී තිබේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉහත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලිඛිතව දන්වා එවා තිබිණි.

    කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, ආර් සම්බන්ධන්, තලතා අතුකෝරළ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් වන එන් සෙල්වකුමාරන් සහ ජාවිඩ් යූසුෆ් ඇතුළු සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.

    Latest News