මෙරට පුද්ගලයින් අයි එස් සංවිධානයට සම්බන්ධවීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය පිලිබඳ එවකට පැවති ආණ්ඩුව අවධානය යොමු කළේ නම්, පාස්කු ප්‍රහාරය මෙන්ම ආණ්ඩු බලය අහිමිවීම සහ එක්සත් ජාතික පක්‍ෂය විනාශවීම ද වළක්වා ගත හැකිව තිබූ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියේය.

යහපාලන ආණ්ඩු සමයේ පිහිටුවනු ලැබූ දූෂණ විරෝධි කමිටුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පිහිටුවා ඇති බව අචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ විජයදාස රාජපක්‍ෂ මහතා පිලිබඳ විනය පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

විධායකය සහ ව්‍යවස්ථාදායකය සමඟ ඇතිවී ඇති මත ගැටුමට කඩිනමින් විසඳුමක් ලබාගෙන ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වන ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියා.

Latest News