අයහපත් කාලගුණ තත්වයෙන් හේතුවෙන් පුද්ගලයින් 51,000කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණයත් සමඟ වාකරේ - පනිච්චන්කේර්නි ප්‍රදේශයේ සෝදිසි හා මුදාගැනීමේ කටයුතු සඳහා හෙලිකොප්ටර් යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනූව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් හිඟුරක්ගොඩ සිට පිටත්කර යවා තිබේ.

දිවයිනේ උතුරු අර්ධයේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11) සිට තරමක් දුරට අඩුවන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතැයි ආපධා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට මාර්ගය සඳහා විශේෂයෙන් නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර සහ ඌව පළාත්වලත් කෑගල්ල,පුත්තලම, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගජ සුළි කුණාටුව ඉදිරි පැය 6 තුළ දී බටහිරට බරව, නිරිත දෙසට ගමන් කරමින් තවදුරටත් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

Latest News