නිරිතදිග මෝසම් තත්වය සක්‍රීය වෙයි

ජූලි 23, 2021

    දිවයින හරහා නිරිතදිග මෝසම් තත්වය සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

    බස්නාහිර පළාතෙත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

    උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ.

    ඒ අතර දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකිය.

    Latest News