කාලගුණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ජූලි 21, 2021
    නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් දක්වා වන තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
    අදාළ ප්‍රදේශවල සිටින ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට උදෑසන 9.00 තෙක් වලංගු වන පරිදි නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 
     

    සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වන තද සුළං ඇති විය හැකියි.

    Latest News