බස්නාහිර පාසල් අද විවෘත වෙයි

ජන 25, 2021

    සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේ පෙනී සිටින සිසුන්ට පමණක් බස්නාහිර පළාතේ පාසල්, සෞඛ්‍ය නිර්දේශවලට අනූව අද විවෘත කෙරේ.

    ඒ අනූව පළාතේ පාසල් 1,576න් අද විවෘත කෙරුණේ, පාසල් 900ක් පමණයි. හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් විවෘත නොකිරීමටයි, රජය තීරණය කර ඇත්තේ. කොවිඩ් වසංගතය හේතුවෙන් බස්නාහිර පලාතේ පාසල් මාස ගණනාවක් වසා තැබීමටයි, සෞඛ්‍ය අංශ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් පසුගියදා විවෘත කෙරුණේ, සෞඛ්‍ය ක්‍රමවේදවලට මූලිකත්වය ලබා දෙමින්.

    දිවයින පුරා එය සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් අද සිට බස්නාහිර පාළත තුළ පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වෙත පැමිණෙන දරුවන් සඳහා පොලීසිය විසින් සෞඛ්‍ය කරුණු ඇතුළත් අත්පත්‍රිකාවක් ද බෙදාදීම අද සිදු කෙරිණ.

    Latest News