මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත් ධාවනය වන අවස්ථාවේදී කිසිදු මගීයෙකු සිටගෙන ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන උපදෙස් ලබා දී තිබේ.

අද සිට සියළු කාර්යාලීය දුම්රිය ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට දින සිට ඇඳිරි නීතිය ලිහිල් කර රටේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරන අතර ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙයි.

 අද සිට පොදු ප්‍රවාහන සේවා විෂබීජ හරණයට ලක් කිරිමට ද තීරණය කර තිබේ. ඒ සඳහා ආරක්ෂක අංශ සහය කරගනු ඇති.

චීනයේ වූහාන් නගරයේ පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. මිලියන 9කට ආසන්න ජනගහණයක් වෙසෙන වූහාන් නගරයේ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීමට අදාළ පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

Latest News