රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 14 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කොළඹ විශේෂ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

Latest News