නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

අසීමිත ගෞරවාදරයකට පාත්‍රවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අනාගත පරපුරට දැකගැනීම සඳහා සිරුර සංරක්ෂණය කිරීමට තීරණය කර තිබේ.

මහනුවර ඇසළ පෙහැර මංගල්‍යයේ පෙරහැර කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්ථියා අද (07) අලුයම මියගියා.

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

2005 වසරේ සිට උතුම් දළදා වහන්සේ වැඩමකරවීමට සිය දායකත්වය සැපයූ නැඳුම්ගමුවේ රාජා හස්තියා අද අළුයම මියගියා.

Latest News