කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 3,000 ඉක්මවා තිබේ. චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් 19 වෛරසය පැතිර යාමට දකුණු කොරියාවේ දැඩි බලපෑමක් එල්ල කළ ආගමික පල්ලියක ප්‍රධානියාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

කොවිඩ් 19 වෛරසය මේ වන විට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් තුළ පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව 2,470ක්. 78,999ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර සුවය ලැබූ පිරිස 23,577ක් ලෙසයි වාර්තා වන්නේ.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තම රටෙන් හමු වූ නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් ගණන එක් දිනකදී දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව දකුණු කොරියාව පවසයි.

වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක්. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.

Latest News