"කොවිඩ් 19" රටවල් 50කට ව්‍යාප්තයි..ඉරානයේ මරණ 210ක්

පෙබ 29, 2020

    කොවිඩ් 19 වෛරසය මේ වන විට රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් තුළ පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.

    මේ නිසා ගෝලීය තර්ජනයක් ලෙස නම් කළ නව කොවිඩ් 19 වෛරසය වඩා අවදානම් සහිත ගෝලීය තර්ජනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ. මුළු ලෝකයටම තර්ජනයක් වී තිබෙන කොවිඩ් 19 ලෙස හැඳින්වෙන මෙම නව කොරෝනා වෛරසය තවමත් පාලනය කළ හැකි මට්ටමක තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. බිය හා වැරදි තොරතුරු විශාල වශයෙන් රෝගය පැතිර යාමට උදවු වී ඇති අතර මෙම අභියෝගය ජයගත හැකි එකක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් මහතා අවධාරණය කරයි.

    මෙම සිදුවීම් අතරින් ඉරාන රජය මගින් පෙන්වා දුන් නිල සංඛ්‍යාලේඛන අසත්‍යවීම හා සත්‍ය වශයෙන්ම දැනට ඉරානයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළ යාම පිළිබඳ වැඩි අවධානයෙන් පසුවන කරුණක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 29 පෙබරවාරි 2020 10:37

    Latest News