මෙරට සුවය ලැබූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 27,552ක් දක්වා ඉහළ ගොස් ඇතැයි,සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ ආසාධිතයන්ගෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 24,000කට අධිකයි.

කළුතර මරික්කාරි වීදීය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් හමුවීමත් සමග එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

දකුණු ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව කළුතර ප්‍රදේශයේ ඉදිකෙරේ. එය නිරීක්ෂණයට කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එක් විය.

උතුරු කළුතර කැලිඩෝ වෙරළ තීරයේ නැවත ඉදිකිරීම් රෝහිත අබේගුණවර්ධන, ජයන්ත සමරවීර යන අමත්‍යවරුන් ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.

කළුතර,නුගගොඩ ප්‍රදේශය පරිසර උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. අක්කර 104ක භූමි ප්‍රමාණයක එම උද්‍යානය ඉදිකිරීමට නියමිතයි.

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සුනාමි ව්‍යසනයෙන් පසු අවතැන් වූ ජනතාව වෙනුවෙන් උතුරු කළුතර ජනරජ නිවාස ක්‍රමයේ ඉදිකළ නිවාස බිම් මහලේ සිට තෙවැනි මහල දක්වා ඉරිතලා යාමෙන්, එහි නිවැසියන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණපා සිටියි.

Latest News